ජෝ බයිඩන්ගේ දිවුරුම්දීමත් සමග ප්‍රතිපත්ති රැසක වෙනසක්

ජන 18, 2021

    අමෙරිකානු නව ජනාධිපති ජෝ බයිඩන් බලයට පත් වහාම වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති රැසක් වෙනස් කරනු ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    මේ අතර, ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රධාන පෙළේ විදෙස් සහ අනෙකුත් ප්‍රතිපත්ති රැසක් ඇති බවයි, පැවසෙන්නේ. තේරීපත් වූ නව ජනාධිපති ජෝ බයිඩන් ලබන බදාදා දිවුරුම් දීමට නියමිතයි.

    ඉන් අනතුරුව ජනාධිපති ට්‍රම්ප් විසින් පනවන ලද සංචාරක තහනම් අහෝසි කෙරෙනු ඇති.

    එසේම, අමෙරිකාව යළිත් දේශගුණික විපර්යාස සඳහා වන පැරිස් සම්මුතියට එක්වනු ඇති බවටත්, අමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.

    තවද, මෙක්සිකෝව සහ අමෙරිකාව අතර දේශසීමාව සම්බන්ධයෙන් ද ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇති බවයි, වාර්තා වන්නේ.

    Last modified on සදුදා, 18 ජනවාරි 2021 09:58

    Latest News