චීන පියානෝ වාදක ෆොව් ට්සොන්ග් කො‍රෝනා ‍නිසා මියයයි

දෙසැ 31, 2020

    ජාත්‍යන්තර සම්මානයට සහ කීර්තියට පත් වූ පළමු චීන ජාතික කෘතහස්ත පියානෝ වාදන ශිල්පී ෆොව් ට්සොන්ග් කොවිඩ් 19 ආසාදනය වී ජීවිතයෙන් සමු ගත්තේය.

    මියයන විට ඔහුගේ වයස අවුරුදු 86ක් විය. ඔහු මියයන විට ජීවත් වූයේ ලන්ඩන් නුවරයි.

    ෆොවුගේ ශිෂ්‍යයකු වන රාජකීය සංගීත ආයතනයේ මහාචාර්ය ජියානින්ග් කොන්ග් මාධ්‍ය වෙත තම ගුරුවරයාගේ මරණය තහවුරු කළේය.

    සම්මානනීය චීන පියානෝ වාදකයකු වන ලෑන්ග් ලෑන්ග් ෆොව් ගැන හඳුන්වා දෙමින් ඔහු “සැබැවින්ම විශිෂ්ට පියානෝවාදකයකු සහ අධ්‍යාත්මීය ප්‍රදීපයක් යැයි සඳහන් කළේය. 1934 උපන් ඔහු චීනයේ විද්වත් ඉහළ පැලැන්තියේ පවුලකට අයත් විය.

    ඔහු මුලින්ම බටහිර ශාස්ත්‍රීය සංගීතයකට ඇහුම්කන් දුන්නේ කීර්තිමත් භාෂා පරිවර්තකයකු වන තම පියා වසර හතක් ප්‍රංසයේ සේවය කොට ආපසු පැමිණි අවස්ථාවක දී ය.

    Last modified on බ්‍රහස්පතින්දා, 31 දෙසැම්බර් 2020 14:37

    Latest News