අමෙරිකාවට විරැකියාව හා ආහාර හිගයක්

නොවැ 26, 2020

    කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් අමෙරිකාවේ 10% ඉක්මවූ විරැකියා තත්වයක් ඇති වී තිබේ.

    වසර අවසානය වන විට ආහාර හිඟයකට මුහුණපාන පවුල් සංඛ්‍යාව මිලියන 30 සිට මිලියන 50 දක්වා ඉහළ යනු ඇති බවයි, ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

    කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකාවේ තවදුරටත් ක්‍රියාත්මක සීමා කිරීම්,ආර්ථිකය දුර්වල වීම කෙරෙහි සෘජුව බලපා තිබේ. ව්‍යවසායයන් බිඳවැටීමත් සමග රැකියා අහිමි වීම මීට බලපෑ ප්‍රබල සාධකයක්.

    රැකියා අහිමිවීමත් සමග පවුල් මිලියන 50කට ආසන්න පිරිසක් ආහාර මිල දී ගැනීමේ නොහැකියාවෙන් දැඩි පීඩාවකට පත්වන බවයි, ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. අමෙරිකාවේ ජාතික උත්සවයක් ලෙස සැලකෙන ස්තුති පිදීමේ දිනයක් මේ දිනවල සැමරෙයි. වසර අවසානයේ දී තම අස්වැන්න අන් අය සඳහා ලබාදීම මෙහිදී ඉටු කෙරෙන චාරිත්‍රයයි.

    කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන්, ජනතාව පත්ව ඇති අසීරුතාව නිසාම මේ චාරිත්‍රය ජනතාවට කිසියම් සහනයක් සලසා ඇති බවයි මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

    Latest News