බෲස් ස්වෙඩින් මියයයි

නොවැ 19, 2020

    අතිශය ජනාදරයට පත් පොප් ගායක මයිකල් ජැක්සන්ගේ නිර්මාණ සඳහා ශබ්ද පරිපාලනයෙන් දායකත්වය සැපයූ බෲස් ස්වෙඩින් මියගොස් තිබේ.

    එම ශබ්ද පරිපාලන ඉංජිනේරුවරයා මිය යන විට 86 හැවිරිදි වියේ පසුවිය. 80 දශකයේ එළිදැක්වුණු බොහෝ පොප් නිර්මාණ සඳහා ඔහුගේ දායකත්වය ලබා දී තිබේ. ඒ අතරින් පොප් ගායක මයිකල් ජැක්සන්ගේ සංගීත ඇල්බම රාශියක් සඳහා ඔහුගේ තාක්ෂණික දැනුම ලබාදී ඇති බවයි,වාර්තා වන්නේ.

    නිර්මාණවල ගැබ්වූ ගැණාත්මක බව බෲස්ගේ හැකියාව නිසා තවදුරටත් උත්කර්ෂයට පත්වූ බවට සැලකෙයි. වසර 65කට වැඩි කාලයක් සංගීත ක්ෂේත්‍රයේ නිෂ්පාදකවරයා ලෙස මෙන්ම,ශබ්ද පරිපාලකයෙක් ලෙස ඔහු මෙලෙස දායක වී තිබේ.

    ඔහුගේ දියණිය ‍පවසා තිබුණේ, පසුගිය සඳුදා රාත්‍රියේ ඔහු නින්දෙන්ම මිය ගොස් සිටි බවයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 19 නොවැම්බර් 2020 12:15

    Latest News