එඩින්බරෝ ආදිපාදත් බැලුම් පුම්බයි (වීඩියෝ)

ජන 18, 2019
  • එඩින්බරෝ ආදිපාදවරයා පැදවූ රථයක් අනතුරට ලක්වී තිබේ. බ්‍රිතාන්‍යය දෙවන එළසබෙත් මහ රැජිණගේ සැමියා වන 97 හැවිරිදි පිලිප් කුමරුට ඉන් කිසිදු හානියක් සිදුවී නැත.

    අනතුර සිදුවී ඇත්තේ මහ රැජිණට අයත් සැන්ඩ්‍රින්හැම් වතුයාය ආසන්නයේ දීය. ඔහු පැදවූ රථය තවත් මෝටර් රථයක ගැටී පිලිප් කුමරු පැදවූ රථය පෙරළී ගොස් ඇත. බ්‍රිතාන්‍ය නීතියට අනුව අනතුරකින් පසු අදාළ රියදුරාගේ ශ්වසන පරීක්ෂණයක් සිදුකරයි. ඒ අනුව පිලිප් කුමරුගේ ද එම පරීක්ෂණය සිදුකර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඔහු මත්පැන් පානය කර නොසිටි බවයි.

    අනෙක් රථයේ සිටි කාන්තාවන් දෙදෙනා අනතුරෙන් පසු රෝහල්ගත කර ඇත. පසුව ඔවුන් ප්‍රතිකාර ගෙන පිටව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    1952 සිට රාජ්‍ය කටයුතු 22,219 කට සහභාගී වී ඇති ඔහු 2017 වසරේ සිට රාජ්‍ය කටයුතු කටයුතුවලින් ඉවත් වී සිටී. ඔහු මේ වන විට සහභාගි වන්නේ මහරැජිණ සහභාගී වන උත්සව අවස්ථාවන් සඳහා පමණි.

     105227812 mirror

    Last modified on සිකුරාදා, 18 ජනවාරි 2019 08:57

    Latest News