උතුරු කොරියා-අමෙරිකා දෙවන හමුවකට සාකච්ඡා

ජන 18, 2019

    දෙවන වරටත් උතුරු කොරියා-අමෙරිකා රාජ්‍ය නායක හමුවක් පැවැත්වීමේ සූදනමක් පිළිබඳ විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    ඒ සඳහා සාකච්ඡා කිරීමට, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ගේ විශේෂ නියෝජිතයකු ලෙස කිම් යොන්ග් චොල් මේ චාරිකාවේ නිරතව සිටී. උතුරු කොරියානු නායකයාගේ දකුණු අත යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වන කිම් යොන්ග් චොල් ඊයේ චීනයේ සිට අමෙරිකාව බලා පිටත්ව ඇත. ඔහු හිටපු රහස් ඔත්තු ප්‍රධානියෙකු ද වෙයි.

    ඔහු අද අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ හමුවීමට නියමිත අතර එහිදී උතුරු කොරියානු නායකයාගේ ලිපියක් අමෙරිකානු ජනාධිපතිවරයා වෙත ලබාදීම සඳහා බාරදීමට අපේක්ෂිතයි.

    උතුරු කොරියා-ඇමෙරිකා රාජ්‍ය නායක මීලඟ සාකච්ඡා වියට්නාමයේ පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව, විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

    Latest News