99%ක් සාර්ථක කොවිඩ් සඳහා එන්නතක්

නොවැ 10, 2020

    කොරෝනා වෛරසය සදහා 99%කට වඩා ඵලදායී එන්නතක් පර්යේෂණ මට්ටමින් සාර්ථකවී තිබේ. එය අත්හදා බලා ඇත්තේ, අමෙරිකානු ඖෂධ සමාගමක් වන ෆයිසර් සමාගමයි.

    එම සමාගම සිය පර්යේෂණ වාර්තා ප්‍රකාශයට පත් කිරිමත් සමග බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සිය සතුට පළකර තිබේ. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එන්නත් කාර්ය සාධක බලකායේ වෛද්‍ය මහාචාර්ය ජෝන් බෙල් පවසන්නේ,ලබන වසන්ත සමය වන විට ලෝකවාසී ජනතාවට මෙම එන්නත මගින් කොරෝනා වෛරසය පැරදවිය හැකි බවයි.

    ෆයිසර් සමාගම හා තම හවුල්කාර ජර්මානු බයෝ එන්ටෙක් සමාගම මෙම නව එන්නත වර්ධනය කිරීමේ මූලික කටයුතු ආරම්භ කර තිබේ. එන්නත හදිසි අවස්ථාවන්හිදී අමෙරිකාව තුළ පමණක් භාවිත කිරීමට මේ මාසය තුළ අවසර ලබාගැනීමට තීරණය කර ඇති බව, විදෙස් වාර්තාවල සඳහන්.

    මෙම එන්නත ගෝලීය වශයෙන් යොදාගැනීම පිළිබඳව දෙසැම්බර් මාසය තුළ තීරණයක් ගැනීමට නියමිතයි. එන්නතේ සාර්ථකත්වය සියයට අනූවක් බැවින් අනෙකුත් අවදානම් තත්වයන් හා එහි ඇති අඩුපාඩුකම් පිළිබඳ තවමත් පර්යේෂණ මට්ටමේ පවතින බව ද සමාගම ප්‍රකාශ කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 10 නොවැම්බර් 2020 11:51

    Latest News