ලක්ෂ 12කට මරු කැඳවූ කොවිඩ්

නොවැ 10, 2020

    ගෝලීය කොරෝනා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව අද වන විට පන්කෝටි 12 ලක්ෂ 32,000 ඉක්මවා ගොස් තිබේ.

    ඉකුත්වූ පැය 24 තුළ ලොව පුරා නව ආසාදිතයන් හාර ලක්ෂ 94,000කට අධික පිරිසක් වාර්තා විය.

    කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා මේ දක්වා 12 ලක්ෂ 68,000කට අධික පුද්ගල මරණ සංඛ්‍යාවක් සිදුව තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යා ලේඛනවලට අනූව,පසුගිය ඔක්තෝම්බර් කොරෝනා ව්‍යාප්තියේ දරුණුතම මාසයයි. මේ මාසය තුළද දෛනිකව වාර්තා වන ගෝලීය ආසාදිතයන් සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්නුම් කරන බවයි,ලෝක සෞඛ්‍ය සංවිධානය ‍පවසන්නේ.

    අමෙරිකාවේ පමණක් දෛනිකව ලක්ෂයකට අධික සංඛ්‍යාවක් වෛරසයට අලුතින් ගොදුරු වෙමින් පවතියි. එරටින් ඊයේ හඳුනා ගනු ලැබූ නව ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්ෂ 24,809ක්. මේ වන විට ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන අමෙරිකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව එක් කෝටි හාර ලක්ෂ 21,000කට අධික අගයක් ගෙන තිබේ.

    ලොව දෙවනුවට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ,අසල්වැසි ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව මේ වන විට අසූ පන් ලක්ෂ 91,000 ඉක්මවා ඇති බවයි,විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

    Last modified on අඟහරුවාදා, 10 නොවැම්බර් 2020 11:51

    Latest News