අමෙරිකා ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කිරීම කල්ගත වන ලකුණු

නොවැ 04, 2020

    අමෙරිකාවේ 59 වන ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කිරීම කල්ගත වන ලකුණු පෙන්නුම් කෙරේ.

    ඒ, ප්‍රාන්ත කිහිපයක ඡන්දය ගණන් කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාදවීමත් සමඟ.

    අමෙරිකාවේ 59 වැනි ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කෙරුණේ, ශ්‍රී ලංකාවේ වේලාවෙන් ඊයේ පස්වරු 3.30ට පමණ වයෝමින් ප්‍රාන්තයෙන්.

    එය අද මධ්‍යහ්නයේ හවායි දූපත්වලින් අවසන් විය. අමෙරිකාවේ ජනාධිපතිවරයා තෝරාගනු ලබන්නේ, බහුතර ඡන්දයෙන් නොවේ. ප්‍රාන්තවල ජනගහණය අනුව බෙදීගිය ඡන්ද විද්‍යාල නියෝජිත ඡන්ද සංඛ්‍යාවන් අනුව ජයග්‍රාහකයා තීරණය කෙරේ.

    ඒ යටතේ අමෙරිකාවේ ප්‍රාන්ත 50 අතර ඡන්ද විද්‍යාල නියෝජිත ඡන්ද 538ක් බෙදී ගොස් තිබේ. ජයග්‍රහණය ලබන පුද්ගලයා, ඡන්ද 270 සීමාව ඉක්මවා යා යුතුය.

    අමෙරිකානු ඉතිහාසයේ 1,900 වසරෙන් පසු වැඩිම ඡන්ද දායකයන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කළ ජනාධිපතිවරණය ලෙස මෙය සැලකේ.

    ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 68%ක් තරම් ඉහළ අගයක් ගෙන තිබේ. සමස්ත ඡන්ද දායකයන් අතරින් කෝටි 10කට ආසන්න සංඛ්‍යාවක් ඡන්ද දිනයට පෙරාතුව ඡන්දය ප්‍රකාශ කර තිබීම ද ඓතිහාසික සිද්ධියක්.

    Last modified on බදාදා, 04 නොවැම්බර් 2020 20:46

    Latest News