ප්‍රංශයේත් දෛනික කොරෝනා ආසාදන ඉහළට

සැප් 26, 2020

    එක්සත් රාජධානිය සහ ප්‍රංශය යන රටවල් ද්විත්වයම ගෙවීගිය දිනයේ නව කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

    යුරෝපය පුරා විශ්ව විද්‍යාලවල වෛරසය පැතිර යාමක් සිදුව තිබේ. ස්කොට්ලන්තයේ සියලු සිසුන්ට උත්සව නොපැවැත්විය යුතු සහ ඔවුන්ගේ නිවෙස්වලින් පිටත සමාජගත නොවිය යුතු ලෙස සීමා පනවා ඇති බව වාර්තා වෙයි.

    ප්‍රංශ සෞඛ්‍ය බලධාරීන් ගෙවීගිය දිනයේ නව කොවිඩ්-19 ආසාදිතයන් 16,096ක් වාර්තා කරයි. ප්‍රංශයේ කොරෝනා වෛරසයෙන් පුද්ගලයින් 31,675ක් මියගොස් ඇත.

    එක්සත් රාජධානිය විසින් නව ආසාදිතයන් 6,634ක් වාර්තා කර තිබේ. එහි සම්පූර්ණ තහවුරු වූ ආසාදිතයන් සංඛ්‍යාව 4125,765ක් දක්වා ඉහළ ගොස් ඇත.

    Last modified on සෙනසුරාදා, 26 සැප්තැම්බර් 2020 09:31

    Latest News