දීපිකා පදුකෝන් ඉන්දීය මත්ද්‍රව්‍ය විමර්ශන ඒකකයට

සැප් 27, 2020

    බොලිවුඩයේ ජනප්‍රිය නිළි දීපිකා පදුකෝන්ගෙන් ප්‍රශ්න කිරීමට ඉන්දීය මත්ද්‍රව්‍ය විමර්ශන ඒකකය පියවර ගෙන තිබේ.

    ඒ පසුගියදා සිය දිවි හානි කරගත් 34 හැවිරිදි බොලිවුඩ් නළු “සුශාන්ත් සිංහ් රාජ්පුත්ගේ“ මරණයෙන් අනතුරුව, සිදු කෙරෙන පරීක්‍ෂණයේ එක් පියවරක් ලෙස. දීපිකා පදුකෝන් ඇතුළු 6ක ගෙන් මේ ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන බව, එරට මාධ්‍ය වාර්තාවල සඳහන්. තවද, සුරූපී සිනමා නිළියන් වන සාරා අලි ඛාන් සහ ශ්‍රාඩා කපූර්ගෙන් ද අද දින මේ ප්‍රශ්න කිරීම් සිදු කිරීමට නියමිතයි.

    මත්ද්‍රව්‍ය මිලදී ගැනීමේ චෝදනාව මත “සුශාන්ත් රාජ්පුත්ගේ“ පෙම්වතිය වන රියා චක්‍රබෝර්තිගෙන් ද, මීට කලින් ප්‍රශ්න කෙරිණ. ඇය එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළාය. කෙසේ වෙතත් සුපිරි නිළි 34 හැවිරිදි දීපිකා පදුකෝන්, මුම්බායිහි මත්ද්‍රව්‍ය විමර්ශන ඒකකයේ කාර්යාලයට ඊයේ පැමිණියේ, පසුගිය සතියේ මුල ලැබුණු කැඳවීමකට අනුවයි.

    ඇයගෙන් මෙසේ ප්‍රශ්න කළ ද, ඇය සතුව තිබී මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමක් සිදුව නොමැති බව, මාධ්‍ය වාර්තාවල සඳහන්. 34 හැවිරිදි සුෂාන්ත්ගේ මළ සිරුර ඔහුගේ කාමරයේ තිබී හමුවුනේ, පසුගිය ජුනි 14 වැනි දිනයි.

    Latest News