ලොවපුරා කොරෝනා මරණ 987,000 ඉක්මවයි

සැප් 26, 2020

    ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 32,457,326ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (26) අලුයම වාර්තා කරයි.

    එසේම මේ වන විට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 987,036ක් බව ද කොරෝනා තොරතුරු පිළිබඳ දත්ත වාර්තාවන් පෙන්වා දෙයි.

    කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූවන් 22,360,965කට ආසන්න පිරිසක් මේ වන විට සම්පූර්ණ සුවය ලබා ඇති බව ද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

    Last modified on සෙනසුරාදා, 26 සැප්තැම්බර් 2020 09:19

    Latest News