තහනම ඉවතට ?

ජන 28, 2024

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පනවා තිබූ තහනම ඉවත් කර ඇතැයි, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

    ඔහු මේ බව කියා සිටියේ, තම ට්විටර් ගිණුමේ  පණිවුඩයක් නිකුත් කරමින්.

    ඉකුත් වසරේ  නොවැම්බර් 10 වැනිදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටවනු ලැබුවා. එම අත්හිටුවීම සිදුකරන ලද්දේ, රජය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්වාධීන කළමනාකාරීත්වයට බලෑපම් එල්ල කිරීම යන චෝදනාව පදනම් කරගෙනයි.

    ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පනවා ඇති “අයී සී සී” තහනම ඉවත් කර ඇති බවයි. ඒ අනුව, මේ පිළිබඳ නිල ප්‍රකාශනය ඉදිරියේදී  සිදුකිරීමට නියමිත බවයි, ඒ මහතාගේ ට්විටර් සටහනේ දක්වා තිබුණේ.

    Latest News