ඉන්දියාවේ පැය 24ට නව ආසාදිතයින් 82,860ක්

සැප් 03, 2020

    ලොව පුරා සමස්ත කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව අද වන විට දෙකෝටි හැට එක් ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

    ඉකුත් දින කිහිපය පුරා ලොව වැඩිම දෛනික කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාවක් හඳුනා ගැනුණු අසල්වැසි ඉන්දියාවේ ගතවූ පැය 24 තුළ අලුතින් හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 82,860ක්.

    ඉන්දියාවේ සමස්ත කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට තිස් අට ලක්ෂ 48,000 ඉක්මවා ගිහින්. එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 67,000 ඉක්මවා ගියේ ඉකුත් පැය 24 තුළ සිදුවූ කොරෝනා මරණ 1,026ත් සමගයි. ඉකුත් පැය 24 තුළ අමෙරිකාවේ කොරෝනා මරණ 1,090ක් සිදුවීමත් සමග එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 90,000කට ආසන්න වී තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 03 සැප්තැම්බර් 2020 09:24

    Latest News