ප්‍රනාම් මුඛර්ජි අභාවය කලාපයටම පාඩුවක්

සැප් 02, 2020

    භාරත රත්න සම්මානයෙන් පිදුම් ලැබූ ඉන්දීය හිටපු ජනාධිපති ප්‍රනාම් මුඛර්ජි මහතාගේ අභාවය එරටට පමණක් නොව කලාපයටම පිරිමැසිය නොහැකි පාඩුවක් බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    මුඛර්ජි මහතාගේ අභාවය නිමිත්තෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින්, රාජපක්‍ෂ මහතා මේ බව පැවසීය.

    ඉන්දීය හිටපු ජනාධිපතිවරයාගේ අභාවය පිළිබඳ පුවත සැලවීමෙන් තමා බලවත් සේ කණගාටු වූ බවත්, දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වයේ එක් සංකේතයක් ලෙස ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මහතා හැඳින්විය හැකි බවත්, ශෝක පණිවුඩයේ සඳහන්. 

    රාජ්‍ය තාන්ත්‍රිකයෙකු මෙන්ම දේශපාලන මිතුරෙකු ලෙස ද බොහෝ අවස්ථාවන්වල රාජ්‍ය හා පෞද්ගලික සංචාරවලදී එතුමා මුණ ගැසීමට ලැබුණු බව ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    Latest News