ඉන්දියාවේ පැය 24ට ආසාදිතයින් 78,761ක්

අගෝ 31, 2020

    ඉන්දියාවේ කොරෝනා සමස්ත වෛරස ආසාදිතයන් සංඛ්‍යාව තිස් හය ලක්ෂ 20,000කට ආසන්න වී තිබේ.

    ඉකුත් පැය 24 තුළ අලුතින් ආසාදිතයන් 78,761ක් හඳුනාගනු ලැබීය. එය දිනක් තුළ ගෝලීය වශයෙන් හඳුනා ගැනුණු වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවයි.

    ඉන්දියාවේ කොරෝනා සමස්ත මරණ සංඛ්‍යාව 64,000 ඉක්මවා ගොස් ඇත්තේ, ඉකුත් පැය 24 තුළ සිදුවූ මරණ 960ත් සමගයි. ලොව තෙවනුවට වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන ඉන්දියාවේ දිනෙන් දින වෛරස ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන ඉන්දියාවේ දිනෙන් දින වෛරස ව්‍යාප්තිය ඉහළ යාමේ තත්වයක් පෙන්නුම් කෙරේ.

    Latest News