බ්‍රිතාන්‍යයේ කොරෝනා පාලනය ගැන රජයට චෝදනා

අගෝ 31, 2020

    කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා රජය ගෙන ගිය වැඩපිළිවෙළ ප්‍රමාණවත් නොවන බවට චෝදනා කරමින් බ්‍රිතාන්‍යයේ ප්‍රදේශ කිහිපයක ජනතා උද්ඝෝෂණ ආරම්භ වී තිබේ.

    විරෝධතා පාලනය සඳහා ආරක්ෂක අංශ මේ වන විටත් කටයුතු කරමින් සිටින බවයි, වාර්තා වන්නේ. බ්‍රිතාන්‍යයේ කන්සර්වේටිව් පක්ෂයට ලැදි ජනමතය ද කොරෝනා වෛරස ව්‍යාප්ති පාලනය සහ එමගින් ඇතිවූ ආර්ථික බලපෑම මුල් කර ගනිමින් දැඩි ඛාදනයකට ලක්ව ඇතැයි, නවතම ජනමත සමීක්ෂණයකින් තහවුරු වී තිබේ.

    හෙට දිනයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව යළි රැස්වූ විට විපක්ෂයෙන් රජයට දැඩි විරෝධතාවක් එල්ල වෙතැයි, අපේක්ෂා කෙරේ.

    Latest News