මැයි මාසයෙන් පසු ඉතාලියේ කොරෝනා ආසාදිතයින් 1000 ඉක්මවයි

අගෝ 23, 2020

    ඉතාලිය ගෙවීගිය සෙනසුරාදා දිනය වන විට නව කොවිඩ්-19 ආසාදිතයන් 1,071ක් වාර්තා කර ඇති අතර එය මැයි මාසයෙන් පසුව එරට ප්‍රථම වතාවට දෛනික ආසාදිත අගය 1,000ක් ඉක්මවූ අවස්ථාවයි.

    මෙම සංඛ්‍යා ලේඛනවලින් සනාථ වන්නේ දැනට ඉතාලියේ සක්‍රීය කෙරෝනා වෛරස ආසාදිතයන් 17,503ක් සිටින අතර, එරට සමස්ත කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 258,136ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

    මේ අතර පසුගිය පැය 24 තුළ තවත් මරණ තුනක් වාර්තා වී තිබේ.

    Latest News