ආර්ජන්ටිනාවේ ICU ඇඳන් හිඟයක්

ජූලි 29, 2020

    ආර්ජන්ටිනාවේ කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමත් සමඟ එරට රෝහල් සතු දැඩි සත්කාර ඒකක තුළ ඇඳන් හා පහසුකම් හිඟයක් උද්ගතව තිබේ.

    මේ හේතුවෙන් ඉදිරියේදී මියයන රෝගීන් සංඛ්‍යාෙව් ඉහළයාමක් සිදුවිය හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. ගතවූ පැය 24 තුළ එරටින් නව රෝගීන් 5,939ක් සොයා ගැණින. මේ වනවිට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එක් ලක්‍ෂ 73,000 ඉක්මවා තිබේ.

    ආර්ජන්ටිනාවෙන් වාර්තා වූ මරණසංඛ්‍යාව 3,179ත්. කොරෝනා ආසාදිතයන්ගෙන් මේ වනවිට 75,000කට වැඩි පිරිසක් පූර්ණ සුවය ලබා තිබේ. එහෙත්, 95,093 දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබන බව වාර්තාවේ. ආර්ජන්ටිනාවේ නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේ මෙහෙයවීමෙන් ඇඳන් සංඛ්‍යාව හා පහසුකම් පුළුල් කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මකයි.

    Latest News