ඖෂධ මිල පහළ දැමීමට ට්‍රම්ප්ගෙන් අත්සන්

ජූලි 25, 2020

    ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ මිල පහළ දැමීමට අදාළ නව නියෝග හතරක් සඳහා ඊයේ අත්සන් තැබීය.

    එමගින් කැනඩාව වැනි රටවලින් ලාභදායී බෙහෙත් වට්ටෝරු නීත්‍යානුකූලව ආනයනයට ඉඩ සැලසෙයි. ඖෂධ සමාගම් මඟින් රෝගීන් සඳහා වට්ටම් ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මෙමගින් සැලසෙන බව ද වාර්තා වෙයි.

    තවත් පියවරක් මඟින් දියවැඩියාව වැනි බෝ නොවන රෝග සඳහා ලබා දෙන අත්‍යවශ්‍ය ඖෂධවලට පිරිවැය අඩුකිරීමට පියවර ගෙන ඇති බව, විදෙස් වාර්තාවල සඳහන්.

    Last modified on සෙනසුරාදා, 25 ජූලි 2020 10:10

    Latest News