චන්ද්‍රිකාවලට පහරදිය හැකි නව චන්ද්‍රිකාවක් ද?

ජූලි 25, 2020

    රුසියාව අභ්‍යවකාශයේ චන්ද්‍රිකා සඳහා පහරදීමට හැකි නව චන්ද්‍රිකාවක් අත්හදා බලා ඇති බවට, අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය චෝදනා කරයි. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ, එය සාවද්‍ය චෝදනාවක් බවයි.

    ජාත්‍යන්තර එකඟතාවකට අනූව අභ්‍යවකාශය තුළ යුද ආයුධ භාවිතය තහනම්. අමෙරිකාව හා බ්‍රිතාන්‍ය චෝදනා කරන්නේ, අනෙකුත් රටවල් මගින් ක්‍රියාත්මක කෙරෙන චන්ද්‍රිකා සඳහා පහරදීමට හැකි චන්ද්‍රිකාවක් රුසියාව විසින් අත්හදා බලා ඇති බවයි.

    නමුත් එම පරීක්ෂණ සිදු කළ ජුලි 15 වැනි දින අභ්‍යවකාශ යානා සඳහා තර්ජනයක් ඇති කළ හැකි පරීක්ෂණයක් නොකළ බව රුසියාව පවසයි. ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය වන ආකාරයේ පරීක්ෂණයක් නොකළ බවද ඔවුන් පෙන්වා දෙයි.

    කෙසේ වුවද රුසියානු අභ්‍යවකාශ වැඩපිළිවෙළ පිළිබඳව දැඩි අවධානයකින් පසුවන බවයි, අමෙරිකාව හා බ්‍රිතාන්‍ය පවසන්නේ.

    Last modified on සෙනසුරාදා, 25 ජූලි 2020 17:38

    Latest News