ගෝලීය ආසාදිත වර්ධනයේ තවත් වාර්තාගත දිනයක්

ජූලි 19, 2020

    ගෙවී ගිය පැය 24 තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයට නව කොවිඩ් - 19 ආසාදිතයන් 259,848ක් වාර්තා වී ඇති බවත්, එය මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්තා වූ දෛනික ඉහළම ආසාදිතයන් සංඛ්‍යාව බවත්, සෙනසුරාදා ප්‍රකාශයට පත්කර තිබේ.

    ලොව ප්‍රබලතම රාජ්‍යයන් කිහිපයක මෙම ආසාදිත වර්ධනය පෙන්නුම් කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
    මීට පෙර දිනයේ කොවිඩ් - 19 රෝගීන් 2,37,743ක් ලෙස වැඩිම ආසාදිතයන් වාර්තා විය.

    ජුනි මාසයේදී දිනකට මරණ 4,800ක සාමාන්‍යයක් වාර්තා කර ඇති අතර, එය ජුනි මාසයේදී සාමාන්‍යයෙන් දිනකට 4,600ක් පමණ විය.

    Latest News