ලොව පුරා ආසාදිතයින් 14,223,000..මරණ ලක්ෂ 6 ඉක්මවයි

ජූලි 19, 2020

    ලොව පුරා කොවිඩ් - 19 වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 14,223,132ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (19) අලුයම වාර්තා කරයි.

    මේ වන විට ගෝලීය වශයෙන් වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව ලක්ෂ 6 සීමාව ඉක්මවා ඉහළ ගොස් ඇති බව ද එම දත්ත වාර්තා පෙන්වා දෙයි.

    කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූවන් 7,984,941ක් මේ වන විට සම්පූර්ණ සුවය ලබා ඇති බව ද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

    Last modified on ඉරිදා, 19 ජූලි 2020 13:26

    Latest News