කොරෝනා අවදානමෙනුත් අවදානමට...WHO

ජූලි 14, 2020

    නිසි අවධානය යොමු නොකළහොත් කොරෝනා වසංගතය, අවදානමෙනුත් අවදානමට ගමන් කළ හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

    එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් ඇඩ්නම් කොරෝනා වසංගතය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියේය.

    පවතින තත්වය පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ මේ වන විට බොහෝ රටවල් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් වැරදි පියවර අනුගමනය කරමින් සිටින බවයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ නොකළ ඖෂධ රෝගීන්ට ලබාදීම හා සමාජ දුරස්ථභාවය පිළිබඳ අඩු අවධානමින් කටයුතු කිරීම වැනි කරුණු හේතුවෙන් මේ වන විට බොහෝ රටවල් තුළ වසංගත තත්වය උග්‍ර වී තිබේ. අමෙරිකාව එහි වත්මන් කේන්ද්‍රස්ථානය වී ඇති අතර, සෞඛ්‍ය විශේෂඥයින් සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පවතින මතභේද හේතුවෙන් එරට වසංගත අවදානම තවදුරටත් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දී තිබේ.

    Last modified on අඟහරුවාදා, 14 ජූලි 2020 12:40

    Latest News