ඩිස්නිලන්තය නැවතත් වැසේ

ජූලි 14, 2020

    හොංකොංහි ඩිස්නි ලන්තය නැවත වරක් මාසයක කාලයක් සඳහා වසා දැමීමට හොංකොං රජය තීරණය කර තිබෙනවා.

    යළිත් රට තුළ ආසාදිතයින් වාර්තා වීම ඉහළ යාමත් සමග මෙම පියවර ගෙන ඇත.

    කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් වසා දැමුණු හොංකොං රාජ්‍යය පසුගිය ජුනි 17 වැනි දින සංචරණ සීමා ලිහිල් කරමින් පියවර කිහිපයක් ඔස්සේ රට විවෘත කිරීමට කටයුතු කළේය.

    කෝවිඩ් දෙවන රැල්ල ආරම්භවීමත් සමග නැවතත් පාසල්, රජයේ කාර්යාල, ව්‍යාපාර කටයුතු සඳහා සීමා පැනවීමටයි හොංකොං බලධාරීන් කටයුතු කළේ.

    ඒ අනුවයි ඩිස්නිලන්තය යළිත් වරක් මාසයක කාලයකට වසා දැමීමට කටයුතු කර ඇත්තේ.

    Latest News