අමෙරිකාව, ඉරාන හමුදා නායක ඝාතනය කිරීම නීති විරෝධි - UN

ජූලි 10, 2020

    අමෙරිකාව, ඉරාන හමුදා නායක කාසීම් සොලෙයිමානි ඝාතනය කිරීම නීති විරෝධි බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීති විරෝධි ඝාතන පිළිබඳ විශේෂ නියෝජිත ඇග්නස් කලමාර්ඩ් කියා සිටියේ, මෙම ඝාතනය සිදු කිරීමට ප්‍රමාණවත් හේතු අමෙරිකාව ඉදිරිපත් කර නොමැති බවයි.

    එක්සත් ජාතීන්ගේ නියෝජිතයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අමෙරිකාව පවසන්නේ, එය ත්‍රස්තවාදීන්ට අනුබල දීමක් බවයි. ඉරාන හමුදා නායක කාසීම් සොලෙයිමානි, පසුගිය ජනවාරි මාසයේ ඝාතනය කෙරුණේ ඉරාකයේදී.

    ඝාතනය තම රට විසින් සිදු කරනු ලැබූ බව අමෙරිකාව පවසයි. මේ සම්බන්ධයෙන් ඉරානය පසුගියදා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වරෙන්තු නිකුත් කර තිබිණ. ඊට අමතරව, ට්‍රම්ප් අත්අඩංගුවට ගැනීමට සහයෝගය දක්වන ලෙස ජාත්‍යන්තර පොලිසියෙන් ඉරානය ඉල්ලා සිටී.

    Latest News