ලොව පුරා එක්කෝටි අනූඅට ලක්ෂය ඉක්මවූ ආසාදිතයින්

ජූලි 03, 2020

    ලොව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද වන විට එක් කෝටි අනූ අට ලක්ෂය ඉක්මවා ගිහින්.

    මරණ සංඛ්‍යාව පන් ලක්ෂ විසි හතර දහසකට අධිකයි. වැඩිම ආසාදිතයින් වාර්තා වන අමෙරිකාවේ රෝගීන් සංඛ්‍යාව විසි අට ලක්ෂ තිස් හත් දහස ඉක්මවා තිබේ. මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ, එක් ලක්ෂ තිස් එක් දහසක් ලෙසයි. ලොව දෙවනුවට වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන බ්‍රසීලයේ රෝගීන් සංඛ්‍යාව පහළොස් ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. මරණ සංඛ්‍යාව හැට දෙදහසක් පමණ වෙයි.

    ආසාදිතයින් වැඩිම රටවලින් තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ, රුසියාවයි. එරට ආසාදිතයන් සංඛ්‍යාව හය ලක්ෂ හැට එක් දහසකට අධිකයි. රුසියාවේ මේ දක්වා කොරෝනා මරණ නව දහස් හයසිය අසූ තුනක් සිදුව තිබේ.

    Last modified on සිකුරාදා, 03 ජූලි 2020 11:18

    Latest News