සිංගප්පූරුවේ හදිසි මැතිවරණයක්

ජූනි 25, 2020

    සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලි හියන් ලූන් එරට හදිසි මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබේ.

    එය ජුලි 10 පැවැත්වීමට නියමිතයි. සිංගප්පූරුවෙන් මේ දක්වා කෙරෝනා අසාදිතයින් 42,000 කට අධික පිරිසක් හඳුනාගෙන තිබේ. සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 26 ක්. ඉකුත් පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 191 දෙනෙකු වාර්තා වුණා. අග්‍රාමාත්‍ය ලි හියන් ලූන් පවසන්නේ මෙවැනි පසුබිමක මහමැතිවරණය පැවැත්වීමට තීරණය කළේ රට හමුවේ ඇති අභියෝග ජය ගැනීමට ආණ්ඩුවට නව ජනවරමක් අවශ්‍ය නිසා බවයි. 

    සිංගප්පූරුවේ කෙරෝනා ව්‍යාප්තිය වැඩි වශයෙන් සිදුව ඇත්තේ විදේශීය කම්කරු නේවාසිකාගාරවලයි. සියලු කරුණු සැලකිල්ලට ගෙන රට වසා දැමීමේ නීතිය ඉතා දැඩිව ක්‍රියාත්මක කිරීමට සිංගප්පූරුව කටයුතු කළා. මෙවර මහ මැතිවරණයට නාමයෝජනා බාරදීමේ දිනය ලෙස ජුනි 30 නම් කර තිබේ.

    1965 වසරේ නිදහස ලැබීමෙන් අනතුරුව සිංගප්පූරුවේ පැවති සෑම මැතිවරණයකදී ම වත්මන් අගමැති ලි හියන් ලූන් ගේ මහජන ක්‍රියාකාරී පක්ෂය පහසු ජයක් හිමිකර ගැනීමට සමත් වුණා. මෙවර මැතිවරණයෙන් ද එම ජයග්‍රහණය එලෙසම පවත්වා ගැනීමට හැතිවනු ඇති බවටයි විශ්වාසය පල කෙරෙන්නේ. 

     

    Last modified on බ්‍රහස්පතින්දා, 25 ජූනි 2020 11:26

    Latest News