බ්‍රිතාන්‍යයේ පිහි ඇනුමකින් තිදෙනෙකු මරුට

ජූනි 22, 2020

    බ්‍රිතාන්‍යයේ “රීඩින්” නගරයේ ෆෝබරි උද්‍යානයේ සිදු වූ පිහි ඇනුමකින් තිදෙනෙකු මියගොස් තිබේ.

    ඊට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ලිබියානු ජාතිකයෙකු බව වාර්තාවේ.

    පිහි ඇනුමින් කිහිප දෙනෙකු බරපතල තුවාල ලැබූහ. සැකකරු 25 හැවිරිදි කයිරි සාදල්ලා නමැත්තෙක්. ඔහු 2019 සිට බ්‍රිතාන්‍යයේ එම්.අයි. 05 බුද්ධි අංශයේ අවධානයට ලක්ව සිටි බව, විදෙස් වාර්තාවල සඳහන්. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසා ඇත්තේ, මේ සම්බන්ධයෙන් තමා දැඩි කම්පාවට පත්වූ බවයි. මෙය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස නොසලකන බවට එරට පොලිසිය සඳහන් කළ ද ඊට අදාළ පරීක්‍ෂණ පැවැත්වීමට ත්‍රස්ත මර්දන නිලධාරීන් කැඳවා තිබේ. බ්‍රිතාන්‍යයේ ආරක්‍ෂක අංශ සඳහන් කරන්නේ, සැකකරු ත්‍රස්තවාදී ක්‍රියාවල නිරතවීමේ අපේක්‍ෂාවෙන් විදෙස්ගත වීමට සැලසුම් කර තිබූ බවට තොරතුරු ලැබී ඇති බවයි.

    Latest News