සර්බියානු මහ මැතිවරණයේ වැඩි වාසි පාලක කන්සවේටිව් පක්‍ෂයට

ජූනි 22, 2020

    සර්බියානු මහ මැතිවරණයේ වැඩි වාසි පාලක කන්සවේටිව් පක්‍ෂයට හිමි වී ඇති බව, පූර්ව මැතිවරණ ප්‍රතිඵල පෙන්වා දෙයි.

    විදෙස් වාර්තාවල සඳහන් කරන්නේ, එම පක්‍ෂය හිමිකරගෙන ඇති ඡන්ද ප්‍රමාණය 62.5%ක් බවයි.

    කොරෝනා තර්ජනය මධ්‍යයේ වුවද සර්බියානු මහ මැතිවරණය ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඊයේ පැවැත්විණ. කොරෝනා ව්‍යාප්තියෙන් පසු මහ මැතිවරණයක් පැවති ප්‍රථම යුරෝපා රට සර්බියාවයි. එරට පාර්ලිමේන්තුවේ ආසන 250ක් සඳහා නියෝජිතයින් තෝරා ගැනීමට ඊයේ උදේ 7.00ට ආරම්භ වූ මැතිවරණයේ ඡන්ද විමසීම රාත්‍රී 8.00 දක්වා පැවැත්විණ. ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ පිරිස මිලියන 6.5ක්. ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 8,253ක්. ඊට අමතරව කොසෝවෝ හි ද ඡන්ද මධ්‍යස්ථාන 140ක් පිහිටුවා තිබුණේ, එහි සිටින සර්බියානුවන් වෙනුවෙන් 10.7%ක මනාප ප්‍රමාණයක් හිමිකර ගනිමින් දෙවන ස්ථානයේ පසුවන්නේ, සමාජවාදී පක්‍ෂයයි. සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික්ගේ නායකත්වයෙන් යුත් පාලක කන්සවේටිව් පක්‍ෂය මේ වනවිටත් මැතිවරණයේ සිය ජය සමරමින් සිටී.

    Latest News