බ්‍රිතාන්‍ය තවත් සති තුනකට වසා දැමේ

අප්‍රේ 17, 2020

    කොරෝනා වෛරසයෙන් යුරෝපයෙන් මේ වනවිට දැඩි බලපෑම්වලට එල්ල වූ රටක් ලෙස බ්‍රිතාන්‍යය සැලකේ.

    එරට බලධාරීන් තීරණය කර ඇත්තේ, බ්‍රිතාන්‍ය වසා දැමීමේ ක්‍රියාවලිය තවත් සති තුනක කාලයක් සඳහා දීර්ඝ කිරීමටයි. බලධාරීන් එම තීරණය ගෙන ඇත්තේ, කොරෝනා වෛරස් පාලනයට රජය කඩිනමින් ක්‍රියා නොකළ බවට ජනතාව චෝදනා කරන පසුබිමකයි. මේ වනවිට බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්‍ෂ තුන්දහස ඉක්මවයි. වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව 13,700කට අධිකවේ.

    Latest News