අමෙරිකාවේ විරැකියාව තවත් ඉහළ ගිහින්

ජූනි 19, 2020

    අමෙරිකාවේ විරැකියාව තවත් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි. පසුගිය සතියේ පමණක් අමෙරිකානුවන් පහළොස් ලක්ෂයකගේ රැකියා අහිමිවී ඇති බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

    රට පුරා නිරෝධායන නීති රීති ලිහිල් කිරීමෙන් දෛනික කටයුතු මේ වන විට සාමාන්‍ය පරිදි ආරම්භ කෙරෙමින් පවතියි. කෙසේ වුවද, විරැකියාව තවදුරටත් ඉහළ  යමින් පවතින බවයි, විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. අඛණ්ඩව රැකියා අහිමි වීමේ ලක්ෂ 10 ඉක්මවා වාර්තා වූ 13 වැනි සතිය මෙයයි මීට පෙර මෙපමණ රැකියා අහිමිවීම් වාර්තා වූයේ, 1982 වසරේදී. මේ වන විට අමෙරිකාවේ විරැකියාව 13.5% ඉක්මවා ගිහින්.

    මැයි මස 30 වැනිදා වන විට අමෙරිකානුවන් මිලියන 29ක පිරිසක් රැකියා අහිමිවීම හේතුවෙන් වන්දි මුදල් ඉල්ලුම් කර තිබේ. එම ප්‍රමාණය අමෙරිකානුවන්ගෙන් 5න් 1කට ආසන්න අගයක්.

    Latest News