ලොව පුරා ආසාදිතයින් ලක්ෂ 85 ඉක්මවයි

ජූනි 19, 2020

    ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 85 ඉක්මවා ගොස් තිබේ. මරණ සංඛ්‍යාව හාර ලක්ෂ 56,000කට අධිකයි.

    ලොව වැඩිම ආසාදිතයින් වාර්තා වන අමෙරිකාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 22ක ඉක්මවා ගිහින්. මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 20,000කට අධිකයි. දෙවනුව වැඩිම රෝගීන් වාර්තා වන්නේ, බ්‍රසීලයෙන්.

    එම සංඛ්‍යාව නව ලක්ෂ 93,000ක් වන අතර එරට මරණ සංඛ්‍යාව 48,000කට ආසන්න වී තිබේ. තෙවනුවට වැඩිම රෝගීන් වාර්තා වන්නේ, රුසියාවෙන්. එම සංඛ්‍යාව පන් ලක්ෂ 61,000ක්. අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව තුන් ලක්ෂ 81,000 ඉක්මවා ගොස් තිබේ. පස්වනුවට වැඩිම රෝගීන් වාර්තාවන රට බවට පත්ව ඇත්තේ බ්‍රිතාන්‍යයි.

    Last modified on සිකුරාදා, 19 ජූනි 2020 12:11

    Latest News