චීන අත්අඩංගුවේ සිටි ඉන්දීය හමුදාවේ 10කට නිදහස

ජූනි 19, 2020

    චීන අත්අඩංගුවේ සිටි ඉන්දීය හමුදා නිලධාරීන් දස දෙනෙක් අද නිදහස් කරනු ලැබීය.

    එහෙත්, ඉන්දීය හමුදා පවසන්නේ, තම සෙබලුන් කිසිවෙකු චීන අත්අඩංගුවට පත් නොසිටි බවයි. තම රටේ සෙබලුන් පිරිසක් චීනය විසින් අද භාරදෙනු ලැබූ බව, ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ලුතිතන් කරනල්වරයෙකු හා මේජර්වරුන් තිදෙනෙකු ද නිදහස ලැබූ පිරිසට අයත් බවයි, අද හින්දු පුවත්පත පවසන්නේ. එහෙත්, ඉන්දීය හමුදාව මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කොට ඇත්තේ, වෙනත් අදහසක්.

    තම සෙබලුන් කිසිවෙකු චීන අත්අඩංගුවේ නොසිටි බව, ඉන්දීය හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු එන් ඩී ටී වී රූපවාහිනියට ප්‍රකාශ කර තිබේ. ඉකුත් සඳුදා කාශ්මීරයේ ලදාක්හි ඉන්දු - චීන දේශසීමාව අසළ සිදු වූ ගැටුමකින් ඉන්දීය සෙබලුන් 20ක් ජීවිතක්ෂයට පත්විය. භටයන් 76 දෙනෙක් තුවාල ලැබීය. එහෙත් චීනය ගැටුමෙන් සිදුවූ හානි පිළිබඳ තොරතුරු කිසිවෙක් හෙළි කර නොමැ.

    Last modified on සිකුරාදා, 19 ජූනි 2020 12:11

    Latest News