ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තාවීම ඉරිදා - WHO

ජූනි 09, 2020

    ලෝක සෞඛ්‍ය සංවිධානයට එක් දිනක් තුළ මෙතෙක් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වූ දිනය ගෙවීගිය ඉදිරා දිනය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් ඊයේ (08) ජිනීවා නුවර පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

    ඉරිදා දිනයේ ආසාදිතයන් 136,000කට වඩා වාර්තා වී තිබේ. මේ දක්වා එක් දිනක් තුළ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූ දිනය මෙයයි. එමෙන්ම ඉරිදා දිනයේ ආසාදිතයන්ගෙන් 75%ක්ම පැමිණ ඇත්තේ රටවල් 10කින්. ඒ වැඩි දෙනා අමෙරිකානු කලාපයෙන් හා දකුණු ආසියාවෙන් වාර්තා වී තිබෙන බව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

    Latest News