මාස 5 තුළ චීනයේ ආනයන හා අපනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 11.54 ක්

ජූනි 08, 2020

    චීන පොදු රේගු පරිපාලනය නිකුත් කළ සංඛ්‍යාලේඛනවලට අනුව, මෙම වසරේ ප්‍රථම මාස 5 තුළ චීනයේ විදේශ වෙළඳ ආනයන හා අපනයනවල මුළු වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 11.54ක් වූ අතර, එය පසුගිය කාලසීමාවට සාපේක්ෂව 4.9% ක පහළ යාමකි.

    අපනයන 4.7% කින් පහළ ගිය අතර, ආනයන 5.2% කින් පහළ ගොස් තිබේ. ‍

    මැයි මාසයේ අපනයන ප්‍රමාණය ට්‍රිලියන 1.46ක් වූ අතර එය අප්‍රේල් මාසයට වඩා 1.4% ක වැඩි වීමකි.

    ආනයන ප්‍රමාණය ට්‍රිලියන 1.01ක් වූ අතර එය අ‍ප්‍රේල් මාසයට වඩා 12.7% කින් පහළ ගොස් තිබේ.

    මීට පෙර මාසයක පැවති අපනයනයේ ධනාත්මක වර්ධන තත්වය, මැයි මාසයේ අඛණ්ඩව පවත්වා ගෙන ගොස් තිබේ.

    2020 මැයි මාසයට අදාල චීනයේ විදේශ විනිමය සංචිත පරිමාණ පිළිබඳ දත්ත චීන ජාතික විදේශ විනිමය රාජ්‍ය පරිපාලනය ඊයේ (7) නිකුත් කළේය.

    මැයි මස අවසානය දක්වා, චීනයේ විදේශ විනිමය සංචිතවල පරිමාණය ඇ.ඩොලර් බිලියන 3101.7කි.

    එය අප්‍රේල් මාසයට වඩා බිලියන 10.2කින් වැඩි වූ අතර 0.3% ක වර්ධනයක් බව ද එමගින් අදහස් කෙරේ.

    Latest News