කොරෝනා වෛරසයේ බලපෑමෙන් ලොව දෙවැනි තැන බ්‍රසීලයට

මැයි 25, 2020

    කොරෝනා වෛරසයෙන් ලොව දෙවනුවට වැඩිම බලපෑමට ලක්ව ඇති රට ලෙස බ්‍රසීලය පත්ව ඇත.

    බ්‍රසීලයේ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට තුන් ලක්‍ෂ 63,000 ඉක්මවා ගොස් ඇති අතර, ඉකුත් පැය 24 තුළ එරටින් හඳුනාගත් කොරෝනා වෛරස් නව ආසාදිතයන් සංඛ්‍යාව 16,220ක්. ඉකුත් පැය 24 තුළ එරට කොරෝනා මරණ සංඛ්‍යාව 22,700 ඉක්මවා ගියේය. මෙවැනි පසුබිමක ලොව තවමත් වැඩිම කොරෝනා බලපෑමක් පවතින අමෙරිකාව, තම රටට නව ආසාදිතයන් ඇතුළුවීම වැළැක්වීමේ පියවරක් ලෙස බ්‍රසීලය සඳහා සංචාරක සීමාවන් පනවා ඇත.

    Latest News