ට්‍රම්ප් තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සේවයෙන් පහ කරයි

මැයි 16, 2020
    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සේවයෙන් පහ කළ නවතම ජ්‍යෙෂ්ඨ නිලධාරියා බවට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පරීක්ෂක ජෙනරාල් ස්ටීව් ලිනික් පත්ව තිබේ.
    අදාළ නිලධරියා සම්බන්ධයෙන් තවදුරටත් පූර්ණ විශ්වාසයක් නොමැති බවත් දින 30 කින් ඔහු ඉවත් කරන බවත් ට්‍රම්ප් ජනාධිපතිවරයා සදහන් කර ඇතැයි පැවසේ. ජෙනරාල් ස්ටීව් ලිනික්, අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ කාර්යාලය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ

    Latest News