ඉන්දියානු දරුවකු සෑම මිනිත්තු 08කට වරක් අතුරුදහන්

මැයි 17, 2020

    සෑම මිනිත්තු 08කට වරක් ඉන්දියානු දරුවෙකු අතුරුදහන් වන බවට විමර්ශනයකින් තොරතුරු අනාවරණය වී තිබේ.

    ඒ අනුව, ළමයින් සිය පවුල්වලින් වෙන්කර එරට වෙළෙඳාමේ කොටසක් ලෙස රට පුරා යම් යම් ස්ථානවලට ප්‍රවාහනය කරන බව වාර්තාවේ.

    මේ අතරින් මිලියන ගණනක් දරුවන් අවසානයේ බලහත්කාරයෙන් සේවය ලබාගන්නා ස්ථානවලට යොමු කෙරේ. ගෘහස්ත වහල්භාවයට සහ ලිංගික ක්‍රියාකාරකම්වලට යොදා ගැනේ. මෙම සිදුවීම් වැළැක්වීමට නීතිමය වශයෙන් ශක්තිමත් ක්‍රියාමාර්ග නැතැයි, මාධ්‍ය වාර්තාවල සඳහන්.

    අද වනවිට ඉන්දියාවේ කොරෝනා වංසගතයේ සමස්ත ආසාදිත සංඛ්‍යාව චීනය අභිබවා ඉහළ ගොස් තිබේ. ඉකුත් පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 4,864ක් හඳුනාගත් අතර වාර්තා වූ මරණ සංඛ්‍යාව 118ක්.

    Latest News