පැසිපන්දු තරුවට හා දියණිට මරු කැඳවූ අනතුරේ පශ්චාත් වාර්තාව

මැයි 16, 2020

    අමෙරිකානු පැසිපන්දු ක්‍රීඩා තරුවක් වන කෝබේ බ්‍රයන්ට් මරණයට පත් වූ හෙලිකොප්ටර් අනතුර පිළිබඳ පශ්චාත් පරීක්ෂණ වාර්තාව නිකුත් කර තිබේ.

    යානයට ඇති වූ අධික කම්පන තත්ත්වයක් මත මෙම අනතුර සිදුව ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

    කෝබේ බ්‍රයන්ට් ඇතුළු 09දෙනෙක් එම අනතුරින් ජීවිතක්ෂයට පත් විය.

    පිටු 180ක වාර්තාවෙන් අනාවරණය කර ඇත්තේ හෙලිකොප්ටර් යානය පැදවූ 50 හැවිරිදි අරා සොබායාන් නියමුවාගේ සිරුරේ කිසිදු මත්ද්‍රව්‍ය ගැනීමක් පිළිබඳ සිදු කළ පරීක්‍ෂා කිරීම් මගින් අනාවරණය නොවුනු බවයි.

    මේ වසරේ ජනවාරි 26වැනිදා දැඩි මීදුම මධ්‍යයේ කැලිෆෝනියාවේ සිදු වූ මෙම අනතුරට හේතුව තවමත් විමර්ශනය කරමින් පවතී.

    බ්‍රයන්ට්ගේ 13 හැවිරිදි දියණිය ජියානා ද මෙම අනතුරින් මරණයට පත්වීම ඛේදජනක සිද්ධියක් විය.

    Latest News