බ්‍රිතාන්‍යයේ සියලු වෙළෙඳ සැල් ජුනි මස මුලදී නැවත විවෘත කිරීමට පියවර

මැයි 13, 2020

    බ්‍රිතාන්‍යය තුළ සියලු වෙළෙඳ සැල් ජුනි මස මුලදී නැවත විවෘත කිරීමට පියවර ගන්නා බව එරට ව්‍යාපාරික අමාත්‍ය ආලෝක් ෂර්මා පවසයි.

    ජුනි 01 සිට අදියර වශයෙන් නැවත විවෘත කිරීම ආරම්භ වන ව්‍යාපාර සඳහා අවශ්‍ය මාර්ගෝපදේශය අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කළේය. මෙම මාර්ගෝපදේශයන්ට හා දැනට පනවා ඇති සෞඛ්‍ය නීතිවලට පටහැනිව ක්‍රියාකරන ව්‍යාපාරවලට එරෙහිව නඩු පැවරීමට සූදානම් බව ඔහු වැඩි දුරටත් කියා සිටියේය. බ්‍රිතාන්‍ය තුළ මේ වනවිට කොවිඩ්-19 වැළඳුණු රෝගීන් දෙලක්‍ෂ 26,463ක් හමුවී ඇති අතර, මරණ 32,692ක් වාර්තා වී තිබේ.

    Latest News