අමෙරිකාවේ කොව්ඩ් ආසාදිතයින් 936,000 ඉක්මවයි

අප්‍රේ 26, 2020

    අමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා වෛරසය ආසාදිත පිරිස 936616ක් බව අද (26) දත්ත ඉදිරිපත් කරමින් ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

    ඒ අනූව, එම දත්තවලින් කියැවෙන්නේ මේ වන විට අමෙරිකානුවන් 53,694ක් නව කොරෝනා වෛරසයට ගොදුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

    එහිදී වැඩිම මරණ නිව්යෝක් නගරයෙන් වාර්තා වන අතර නිව්යෝක් නගරයේ පමණක් සිදුව ඇති මරණ සංඛ්‍යාව 17,126ක්.

    ලොව වැඩිම කොරෝනා මරණ හා ආසාදිතයන් වාර්තා වන එක්සත් ජනපදය තුළ මේ වන විට රෝගය වැළඳී සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති පිරිස ලක්ෂය ඉක්මවමින් 100,104ක් ලෙස වාර්තා වෙයි.

    Last modified on ඉරිදා, 26 අප්‍රේල් 2020 11:42

    Latest News