ලොව පුරා කොරෝනා මරණ 88,000 ඉක්මවයි..ආසාදිතයින් ලක්ෂ 15ක් 

අප්‍රේ 09, 2020

    කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා ආසාදිත සංඛ්‍යාව පහළොස් ලක්ෂය ඉක්මවා තිබේ. වෛරසය හේතුවෙන් මිය ගිය පිරිස 88 දහසකට අධිකයි.

    කොරෝනා වෛරසය හේතුවෙන් යුරෝපයේ මේ වන විට වැඩිම බලපෑමට ලක්ව ඇති ස්පාඤ්ඤයෙන් ද, ඉකුත් පැය 24 තුළ නව වෛරස ආසාදිතයින් 6,278ක් හඳුනා ගැනීමත් සමග එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්ෂ 48,220ක් බවට පත් විය.

    එරටින් ඉකුත් පැය 24 තුල මරණ 747ක් වාර්තා වීමත් සමග සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,792 දක්වා ඉහළ ගියේය. තවමත් වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුව ඇති රටවන ඉතාලියේ, ඉකුත් පැය 24 තුළ වාර්තා වී ඇත්තේ, මරණ 542ක් පමණයි. ඒ අනූව, සමස්ත මරණ සංඛ්‍යාව 17,669ක් වූ අතර එරට මුළු ආසාදිත සංඛ්‍යාව එක් ලක්ෂ 39,422ක්. කෙසේ වෙතත් මේ වන විට ඉතාලියේ සහ ස්පාඤ්ඤයේ නව ආසාදිතයින් සංඛ්‍යාව මෙන්ම මරණ සංඛ්‍යාව ද, ක්‍රමයෙන් පහළ යමින් පැවතීම විශේෂත්වයක්. තවමත් නිශ්චිත ප්‍රතිකර්මයක් සොයා නොගත් කොරෝනා වෛරසය මේ වන විට ඇන්ටාක්ටිකා මහද්ධීපය හැර ලොව සෙසු මහද්ධීප හයටම පැතිරගොස් අවසන්.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 09 අප්‍රේල් 2020 10:40

    Latest News