පැය 24ට අමෙරිකාවේ මරණ 1925ක්..ට්‍රම්ප්ගෙන් WHOඑකටත් චෝදනා

අප්‍රේ 09, 2020

    වෛරසයෙන් මේ වන විට වැඩිම බලපෑමක් එල්ල වී ඇති රට අමෙරිකාවයි. ඉකුත් පැය 24 තුළ නව ආසාදිතයින් 30,567ක් හඳුනා ගැනීමටත් සමග, එරට සමස්ත ආසාදිත සංඛ්‍යාව හාර ලක්ෂ 30 දහස ඉක්මවයි.

    අමෙරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 14,766 දක්වා ඉහළ ගොස් ඇත්තේ, ඉකුත් පැය 24 තුළ සිදු වූ මරණ 1925ත් සමගයි. කෙසේ වෙතත් වෛරසය මුලින්ම ආරම්භ වූ චීනයට පක්ෂපාතීව ක්‍රියාකළ බවට අමෙරිකානු ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයට පසුගිය දා චෝදනා කළේය. ඒ හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට අමෙරිකාව ලබා දෙන අරමුදල් ඉදිරියේදී, ලබා නොදීමට කටයුතු කරන බවයි, ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ.

    එම චෝදනාවෙන් ප්‍රතික්ෂේප කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රොස් ඇඩනම් කියා සිටියේ පවතින තත්වය දේශපාලනීකරණය කිරීම නතර කරන ලෙසයි.

    එසේම ලෝක සෞඛ්‍ය සංවිධානය සෑම ජාතියක් සමඟම එකසේ සමීපව කටයුතු කරන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශකර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 අප්‍රේල් 2020 10:26

    Latest News