මේට එරෙහිව තවත් විශ්වාසභංගයක්

දෙසැ 18, 2018

    බ්‍රිතාන්‍ය අගමැතිනියට එරෙහිව තවත් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

    අග්‍රාමාත්‍ය තෙරේසා මේ ට එරෙහිව මේ මාසය තුළ ඉදිරිපත් වූ දෙවැනි විශ්වාසභංගය මෙයයි. කම්කරු පක්ෂ නායක ජෙරම් කෝබේ මෙම විශ්වාසභංගය ඉදිරිපත් කර තිබේ. ඔහු සඳහන් කරන්නේ, අගමැතිනියගේ ක්‍රියාකලාපය හේතුවෙන්, රට අර්බුදයකට පත්ව ඇති බවයි.

    බ්‍රිතාන්‍ය අගමැතිනිය යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය වෙන් වීමේ ඡන්ද විමසීම, ලබන මස දක්වා කල් දැමීය. ඊට හේතු ලෙස ඇය ප්‍රකාශ කළේ, ඡන්ද විමසීම පැවැත්වුවහොත්, එය පරාජය වීමේ අවදානමක් ඇති බවයි.

    Latest News