යේමන හමුදා - හවුති සටන් විරාමය හෙට

දෙසැ 17, 2018

    යේමන රජයේ හමුදා සහ හවුති කැරලිකරුවන් අතර සටන් විරාමය හෙට සිට ආරම්භ වන බව, හවුති නායකයෝ පවසති.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන්, යේමනයේ ගැටුම් පාර්ශවයන් අතර සටන් විරාමයක් අත්සන් තැබුණේ, ස්වීඩනයේදීය. එහෙත්, ඉන් අනතුරුව ද යේමන හමුදා සෞදි සහාය ඇතිව, හවුති කැරළිකරුවන් සතුව ඇති හොඩෙයිඩා වරාය ඇතුළු තවත් ස්ථාන වෙත ගුවන් ප්‍රහාර කිහිපයක් එල්ල කරනු ලැබීය.

    කෙසේ වෙතත්, මේ වන විට අදාළ සටන් විරාමය නිශ්චිතවම හෙට සිට ක්‍රියාත්මක වන බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුම් දී ඇතැයි, හවුති කැරළිකරුවන්ගේ ප්‍රකාශකයෙකු කියා සිටියේය. සටන් විරාමය තුළින්, සාමය හා ස්ථාවරත්වය ඇතිවනු ඇතැයි, හොඩෙයිඩා ප්‍රදේශවාසීහු බලාපොරොත්තු වෙති. එසේම, එමඟින් දෛනික ජන ජිවිතය යළි ක්‍රියාත්මක වනු ඇතැයි, ඔවුහු අපේක්ෂා කරති.

    Last modified on සදුදා, 17 දෙසැම්බර් 2018 15:55

    Latest News