ඉතාලියේ කොරෝනා මරණ 793ක්

මාර් 22, 2020

    කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට වන්නේ ඉතාලියයි. 

    එරට ඊයේ දිනයේ පමණක් මියගිය සංඛ්‍යාව 793ක්. එරට මේ වන විට මරණ සංඛ්‍යාව 5,000කට ආසන්න අගයක් ගෙන තිබේ. ආසාදිතයින් සංඛ්‍යාව 53,500 ඉක්මවයි.  ඉතාලියේ රෝගය පාලනය කර ගැනීමට බලධාරීන් විසින් දැඩි පියවර ගෙන ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.  එරට වැඩිම රෝගීන් වාර්තා වන ලොම්බාඩි පළාත තුළ කණ්ඩායම් වශයෙන් හෝ තනි තනිව කිසිඳු පුද්ගලයෙකුට එළිමහනේ ව්‍යායාම කිරීම පවා තහනම් කර තිබේ.

    එසේම භාණ්ඩ මිල දී ගැනීම සඳහා වෙන් කර තිබෙන යන්ත්‍ර භාවිතය ද සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවයි, වාර්තා වන්නේ.

    Last modified on ඉරිදා, 22 මාර්තු 2020 12:01

    Latest News