කොවිඩ්-19 ආසාදිත ගණන 308,540 ය ද ඉක්මවයි

මාර් 22, 2020

    කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතයන් පිරිස ගෝලීයව 308,540 සීමාව ඉක්මවා ගිය බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය දත්ත වාර්තා පෙන්වා දේ.

    එමෙන්ම මේ වනවිට ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව13,069 ක් බවද එම වාර්තා වැඩිදුරටත් කියයි.

    නව කොරෝනා වෛරසය පැතිර යාම ප්‍රථම වරට වාර්තා වූයේ 2019 දෙසැම්බර් මාසයේදී මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ වුහාන් නගරයෙන්.

    මේ වනවිට චීනය තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කර තිබුණත්, ලෝකයේ වෙනත් රටවල වෛරසය පැතිර යමින් පවතී.

    චීනයේ තහවුරු කළ රෝගීන් 81,498ක් (විදේශයන්ගෙන් පැමිණි 314ක් ඇතුළුව) වාර්තා වූ අතර, මරණ 3,267ක් (හොංකොං හි 4ක් සහ තායිවානයේ 4කක් ඇතුළුව) වාර්තා විය.

    එමෙන්ම ආසාදිතයන්ගෙන් 72,382ක් සුවය ලැබීය. පසුගිය දින හතර තුළ මධ්‍යම හුබෙයි පළාතේ නව කොවිඩ් - 19 රෝගීන් වාර්තා වී නොමැත.

    එක්සත් ජනපදය විසින් රෝගීන් 25,000 කට වඩා තහවුරු කර ඇති අතර, මරණ 307කට වඩා වැඩි බව පවසයි.

    එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිව්යෝක් නගරය ප්‍රධාන ආපදා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කළේය.

    Latest News