කොරෝනා බිය නැති උ.කොරියාව මිසයිල අත්හදා බලයි

මාර් 21, 2020

    උතුරු කොරියාව අද (21) උදෑසන මිසයිල දෙකක් අත්හදා බැලීමට ක්‍රියා කර ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ පියොන්ගන් පළාතේ සිටයි.

    ජපන් මුහුද දෙසට කෙටිදුර මිසයිල දෙකක් අත්හදා බලා ඇති බව සඳහන්.

    අදාළ මිසයිල දෙක කිලෝමීටර් 50 උසක් පවත්වා ගනිමින් කිලෝමීටර් 410ක දුරක් ගමන් කර ජපානයට ඔබ්බෙන් වූ මුහුදට පතිත වී ඇති අතර ,ඒ බව ජපාන වෙරළාරක්ෂක බලධාරීන් ද තහවුරු කර ඇත.

    මේ අතර න්‍යෂ්ටික ක්‍රියාකාරකම් හා මිසයිල වැඩසටහන අවසන් කිරීමේ සකච්ඡාවලට ප්‍රවේශ වන ලෙස අමෙරිකා එක්සත් ජනපදය හා චීනය දිගින් දිගටම කළ ඉල්ලීම් නොතකමින් උතුරු කොරියාව මේ මස මුලදී ද මිසයිල කිහිපයක් අත්හදා බැලීය.

    උතුරු කොරියාවෙන් මෙතෙක් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වූ බවක් ප්‍රකාශ වී නොමැත.

    Latest News