ගතවූ පැය 24ට ඉතාලියේ කොරෝනා මරණ 627ක්

මාර් 21, 2020

    ගත වු පැය 24ක කාලය තුළ පමණක් ඉතාලියෙන් මරණ 627ක් වාර්තාවී තිබේ. කොරෝනා වෛරසය හේතුවෙන් කිසියම් රටක එක්දිනක් තුළ සිදුවු වැඩිම මරණ සංඛ්‍යාව මෙය වීම විශේෂත්වයක්. මේ වන විට ඉතාලියේ මිය ගිය සංඛ්‍යාව 4,032ක්.

    ඉතාලියේ මියගිය පිරිස අතර වෛද්‍යවරුන් 17 දෙනෙකු ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ඉතාලියේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට අයත් පුද්ගලයින් 3,654 දෙනෙකු ද මේ වන විට කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බව වාර්තා වෙයි.

    Last modified on සෙනසුරාදා, 21 මාර්තු 2020 08:31

    Latest News